ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.
ලෙයාගේ දාසීවූ ශිල්පා යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය.
ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.
ආෂෙර් කෙරෙන් ඔහුගේ පෝෂ්‍ය ආහාර හටගන්නේය, ඔහු රාජකීය රසවත් භෝජන උපදවන්නේය.
ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්:
මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, අසමාන තැනැත්තීය. ඈ ඇගේ මවුගේ එකම දරුවාය; ඈ වැදූ ඇත්තීගේ ප්‍රිය තැනැත්තීය. දූවරු ඈ දැක ඈ වාසනාවන්තීයයි කීවෝය; එසේය, බිසෝවරුද උපභාර්යාවෝද දැක ඇය වර්ණනාකළහ.
මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.