ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගන්නැයි අණකළ බවද,
ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.
එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය.
ඊසාක් යාකොබ් කැඳවා ඔහුට ආශීර්වාද කොට අණකරමින්: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පවානොගන්න.
යාකොබ් තමාගේ පියාටත් මවුටත් කීකරුව පදන්-අරාමට ගිය බවද ඒසව් දුටුවේය.