ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැසගිය බැවින් මුළු රාත්‍රියේ එහි සිට, ඒ ස්ථානයේ ගල්වලින් එකක් අරන් තමාගේ හිසට තබාගෙන, ඒ ස්ථානයෙහි නින්දට වන්නේය.
ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට,
ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.
ගල් රැස් කරන්නැයි තමන් සහෝදරයන්ට කීය; ඔව්හු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔව්හු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය.
යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.
මක්නිසාද යම්සේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීම් අප කෙරෙහි අධිකවන්නේද, එසේම ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපගේ සැනසිල්ලත් අධිකවන්නේය.