එබැවින් මාගේ පුත්‍රය, මා නුඹට අණකරන කාරණය ගැන මාගේ හඬට කීකරු වෙන්න.
ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.
ඔහුගේ මවු: මාගේ පුත්‍රය, නුඹේ ශාපය මා කෙරෙහි වේවා. නුඹ මා කියන දේ පමණක් අසා, ගොස් උන් මා වෙතට ගෙනෙන්නැයි ඔහුට කීවාය.
එහෙයින් මාගේ පුත්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න;
රසවත් කෑම සාදන්නැයි නුඹේ සහෝදරවූ ඒසව්ට කියනවා ඇසීමි.
දැන් එළු රැළට ගොස් එතැනින් හොඳ එළුපැටියන් දෙදෙනකු මට ගෙනෙන්න; මම උන්ගෙන් නුඹේ පියාට ප්‍රියවූ රසවත් කෑම සාදන්නෙමි.
නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.
පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.
දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.