Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 27:39

Sinhala Revised Old Version

එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්: බලව, නුඹේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.

එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙන සේක්වා.

ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, නුඹට තිබෙන දේ නුඹටම තිබේවයි කීය.

ඔහු යෝසෙප් ගැන කියනුයේ අහසේ අනර්ඝ දේවලින්ද පිනිවලින්ද යට තිබෙන ගැඹුරෙන්ද

ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.

ඇදහිල්ලෙන්, ඊසාක් මතු පැමිණෙන දේ ගැන පවා යාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාදකළේය.

ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්