මිදියාන්ගේ පුත්‍රයෝ: ඒඵාද ඒඵෙර්ද හනොක්ද අබීදාද එල්දායාද යන මොව්හුය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝය.
යොක්ෂාන්ට දාව ෂෙබාද දෙදාන්ද උපන්නෝය. දෙදාන්ගේ පුත්‍රයෝ: අෂූරිවරුත් ලෙතුසිවරුත් ලෙයුම්මිවරුත්ය.
ආබ්‍රහම් තමා සන්තක සියල්ල ඊසාක්ට දුන්නේය.
ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.
මිදියාන්ගේ පුත්‍රයෝනම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායාය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝය.
ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.