ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල, බලව, ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූවෝය.
ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.
ප්‍රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය.
ඒදොම් නම්වූ ඒසව්ගේ පරම්පරාවල් මේය.
තවද ඈ බිහිකරන කාලය පැමිණි කල්හි, බලව, නිඹුල් දරු දෙදෙනෙක් ඇගේ කුසෙහි වූවෝය.
ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්‍රායෙල්ය.
ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.
ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.