රෙබෙකාද ඇස් ඔසවා බලා ඊසාක් දැක ඔටුවා පිටින් බැස්සාය.
ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහිකරන පිණිස ගියේය. තවද ඔහු ඇස් ඔසවා බලා, ඔටුවන් එනවා දුටුවේය.
අර කෙතේ අප ඉදිරියට එන්නාවූ මේ මනුෂ්‍යයා කවුදැයි ඈ මෙහෙකරුවාගෙන් ඇසුවාය. ඒ මාගේ ස්වාමියායයි මෙහෙකරුවා කීය. එවිට ඈ තමාගේ වැස්ම රැගෙන මුහුණ වසාගත්තාය.
ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය; ඈ කොටළුවා පිටින් බැස්සාය; කාලෙබ් ඈට කථාකොට: නුඹට ඕනෑ මොකදැයි ඇසීය.
තවද ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය, ඈ කොටළුවා පිටින් බැස්සාය. කාලෙබ් ඈට කථාකොට: නුඹට ඕනෑ මොකදැයි ඇගෙන් ඇසීය.