රෙබෙකාද ඇගේ තරුණියෝද නැගිට ඔටුවන් පිට නැගී ඒ මනුෂ්‍යයා කැටුව ගියෝය. මෙහෙකරුවා රෙබෙකා කැඳවාගෙන ගියේය.
එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, නුඹේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.
ඊසාක් බෙයර්-ලහයි-රොයිට යන පාරෙන් ආයේය; මක්නිසාද ඔහු දකුණු දේශයෙහි විසුවේය.
රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය.
ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රාකොට, රජුගේ අස්හළේ උපන් රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගීයන පණිවිඩකාරයන් අත ලියුම් හැරියේය.
පණිවිඩකාරයෝ රාජසේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත්ව ගියෝය; ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය.
දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;
ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය.
එවිට අබීගායිල් ඉක්මන්කර කොටළුවෙකු පිට නැගී පිටත්වුණාය, ඇගේ තරුණියෝ පස්දෙනෙක්ද ඈ අනුව ගියෝය; එසේ ඈ දාවිත්ගේ පණිවිඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවාය.
දාවිත් ඇඳිරි වේලාවේ පටන් පසුවදා සවස දක්වා ඔවුන්ට පහරදුන්නේය. ඔටුවන් පිටනැගී පලාගියාවූ යෞවනයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.