ඉදින් නුඹලා මාගේ ස්වාමියාට කරුණාවෙන්ද අවංකකමෙන්ද ක්‍රියාකරන්නහු නම් මට කියන්න; නැතහොත් මා විසින් දකුණට හෝ වමට හෝ හැරෙන පිණිස මට කියන්නැයි කීය.
ඔබගේ මෙහෙකරුවාට ඔබ දැක්වූ සියලු කරුණාවලින් ඉතා සුළු එකක්වත් ඔබගේ මුළු විශ්වාසකමවත් ලැබීමට නොවටිමි; මක්නිසාද මම මාගේ සැරයටිය පමණක් රැගෙන මේ යොර්දානෙන් මෙතර වුණෙමි; දැනුදු කණ්ඩායම් දෙකක්ව සිටිමි.
ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.
කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
නුඹේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින්වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, නුඹේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය.
නුඹේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. දකුණටවත් වමටවත් නොහැරී මහමාවත යන්නෙමි.
ඒ මනුෂ්‍යයෝ ඈට කථාකොට: අපේ මේ කාරණය නුඹලා එළිදරව් නොකරතොත් ස්වාමීන්වහන්සේ දේශය අපට දෙන කල අපි නුඹට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියාකරන්නෙමුව. එසේ ක්‍රියානොකළොත් අපේ ප්‍රාණ නුඹලා වෙනුවට මරණයට පැමිණේවයි කීවෝය.