ඔහු: ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්ත, ඇතුළට එන්න; පිටත සිටින්නේ මන්ද? මම ගෙයද ඔටුවන්ට ඉඩම්ද සූදානම්කෙළෙමියි කීවේය.
මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.
තවද ඔහු: බැලුව මැනවි, මාගේ ස්වාමිවරුනි, නුඹවහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට ඇවිත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගතමැනවි, අලුයම් වේලෙහි නැගිට නුඹවහන්සේලාගේ ගමන යත හැකියයි කීවේය. ඔව්හුද: නැත; මුළු රෑ වීථියේ නවතින්නෙමුයයි කීවෝය.
නුමුත් ඔහු ඔවුන්ට බොහෝසේ පෙරැත්තකළ නිසා ඔව්හු ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුල්වූවෝය; එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුළුස්සා ඔවුන්ට කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය.
ඔහු නාසාභරණයද තමාගේ සහෝදරීගේ අත්වල තිබෙන වළලුද දැක: ඒ මනුෂ්‍යයා මට මෙලෙස කථාකෙළේය කියා තමාගේ සහෝදරීවූ රෙබෙකා කී වචන ඇසූ කල ඒ මනුෂ්‍යයා වෙතට ගියේය; බලව, ඔහු උල්පත ළඟ ඔටුවන් වෙත සිටියේය.
අප නුඹට අත නොගැසුවාක් මෙන්ද, නුඹට යහපතමකර සමාදානයෙන් නුඹ යැවුවාක් මෙන්ද, නුඹත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමුයයි කීවෙමු; නුඹ දැන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්තේයයි කීවෝය.
ලාබන් තමාගේ සහෝදරීගේ පුත්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය.
අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් නුඹලා ආශීර්වාදලද්දෝය.
තෑග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ; එය කොයි අතට හැරෙතත් සඵලවේ.
මනුෂ්‍යයෙකුගේ තෑග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි,
ඔහු තමාගේ මවුට කථාකොට: නුඹෙන් ගන්නා ලද්දාවූ, නුඹ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වේවයි කීවාය.
ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් නුඹට ආශීර්වාද ලැබේවා. නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.