ඒ තරුණී දිවගොස් ඇගේ මවුගේ ගෙදර සිටියවුන්ට මේ කාරණා කීවාය.
රෙබෙකාට ලාබන් නම්වූ සහෝදරයෙක් සිටියේය. ලාබන් වනාහි උල්පත ළඟ පිටත සිටි මනුෂ්‍යයා වෙතට දිව ගියේය.
තවද මම මාගේ හිස නමා ස්වාමීන්වහන්සේට නමස්කාරකොට, මාගේ ස්වාමියාගේ පුත්‍රයාට ඔහුගේ සහෝදරයාගේ දියණිය ලබාගන්න පිණිස හරි මාර්ගයෙහි මා ගෙනාවාවූ, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කෙළෙමි.
තරුණී ටික දවසක්, දස දවසක්වත්, අප සමඟ සිටීවා; ඉන්පසු යන්ට පුළුවනැයි කීවෝය.
ඊසාක් තමාගේ මවුවූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවාගත්තේය; ඈ ඔහුගේ භාර්යාව වූවාය; ඔහු ඈට ප්‍රේමකෙළේය. ඊසාක් තමාගේ මවුගේ මරණයෙන් පසු මෙසේ සැනසුණේය.
තවද යාකොබ් තමා ඇගේ පියාගේ සහෝදරයා බවත් රෙබෙකාගේ පුත්‍රයා බවත් රාඛෙල්ට දැන්නුවේය. ඈ දිවගොස් ඇගේ පියාට දැන්නුවාය.
එවිට ලාබන් යාකොබ්ගේ කූඩාරමටත් ලෙයාගේ කූඩාරමටත් දාසීන් දෙදෙනාගේ කූඩාරමටත් ඇතුල්වී සෙවූ නමුත් ඒවා සම්බනූණේය. ඔහු ලෙයාගේ කූඩාරමෙන් ගොස් රාඛෙල්ගේ කූඩාරමට ඇතුල් විය.