ඒ මනුෂ්‍යයා ඈ දෙස ඕනෑකමින් බලා ස්වාමීන්වහන්සේ තමාගේ ගමන සඵලකළසේක්ද නැද්දැයි දැන ගන්නා පිණිස නිශ්ශබ්දව සිටියේය.
ඔහු කථාකොට: මාගේ ස්වාමියාවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දවසෙහි මාගේ ගමන සඵලකරමින් මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ට කරුණාව පෙන්නුව මැනව.
ඈ ඉක්මන්කොට ඇගේ වතුර කළය ඔරුවේ වත්කොට අදින පිණිස නැවත ළිඳට දිව ගොස් ඔහුගේ සියලු ඔටුවන්ටත් වතුර ඇද්දාය.
මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.
ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හු ස්වාමීන්ගේ කරුණාවන්තකම් කල්පනාකරන්නෝය.
නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය.
උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය.