රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද බිහිකළාය.
ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය.
බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා බිහිකළාය.
සාරාගේ ජීවිත කාලය එකසිය විසිහත් අවුරුද්දකි. මේවා සාරාගේ ජීවිතයේ අවුරුදුය.
නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය.
කාලෙබ්ගේ උපභාර්යාවූ මයකා ෂෙබෙර් සහ තිර්හනා බිහිකළාය.
ඈට පසුව ඔහු අබ්සලොම්ගේ දූවූ මයකා පාවාගත්තේය; ඈ අබියාද අත්තයිද සීසාද ෂෙලොමිත්ද ඔහු නිසා බිහිකළාය.
ස්වාමීන්වහන්සේ උඩඟු අයගේ ගෙය උදුරාදමනසේක; එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක.