Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 21:31

Sinhala Revised Old Version

එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.

මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහිදී ගිවිසුමක් කරගත්තෝය. තවද අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් නැගිට පිලිස්තිවරුන්ගේ දේශයට හැරීගියෝය.

ඔහු එයින් බෙයර්-ෂෙබාට ගියේය.

අති උදය නැගිට ඔව්හු එකිනෙකා සමඟ දිවුරාගත්තෝය. ඊසාක් ඔවුන් පිටත්කෙළේය, ඔව්හු සමාදානයෙන් ඔහු වෙතින් ගියෝය.

ඔහු ඊට ෂීබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බෙයර්-ෂෙබාය.

ඉශ්‍රායෙල් තමා සන්තක සියල්ල රැගෙන ගමන් ගෙන බෙයර්-ෂෙබාවට පැමිණ තමාගේ පියවූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකෙළේය.

මා කියන මන්ත්‍රණය නම්: දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටින සියලු ඉශ්‍රායෙල්වරුන් ගණනින් මුහුදු වෙරෙළ් වැලි මෙන් ඔබ වෙතට රැස්කරගන ඔබම සටනට යන ලෙසය.

එතනින් පවුරු ඇති තීර්ටත් හිවීවරුන්ගේද කානානිවරුන්ගේද සියලු නුවරවලටත් පැමිණියාහ. යූදාහි දකුණු දිශාවේ බෙයෙර්-ෂෙබා දක්වාද ගියෝය.

ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර,

සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.

හශර්-ෂුවාල්හිද බෙයෙර්-ෂෙබාහි සහ ඒකේ ගම්වලද;

මා සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත.

හශර්-ෂූවාල්ද බෙයෙර්-ෂෙබාද බිස්යෝතියාද,

එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්