Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 21:25

Sinhala Revised Old Version

එහෙත් අබිමෙලෙක්ගේ මෙහෙකරුවන් බලාත්කාරයෙන් උදුරාගත් වතුර ඇති ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට තරවටු කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.

ආබ්‍රහම්ද: මම දිවුරන්නෙමියි කීය.

අබිමෙලෙක්ද: මේ දේ කළේ කවුදැයි මම නොදනිමි. නුඹ මට නොකීයෙහිය, අද වන තුරු ඒ ගැන මා ඇසුවෙත් නැතැයි කීය.

සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළින් කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය.

අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.

නුඹේ අසල්වාසියා සමඟම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.

ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.

තවද නුඹේ සහෝදරයා ඔබට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය.

ඈද: මට වරයක් දුනමැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට කාලෙබ් ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්