භාජනයෙහි වතුර ඉවර විය, ඈ දරුවා පඳුරක් යට තබා ගොස්
ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්දනගා හැඬුවාය.
එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.
මෙසේ ඉශ්‍රායෙල්හි රජද යූදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය.
දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.
ආචාරියා පොරොවක් සාදමින්, ගිනි අඟුරුවලින් වැඩකරමින්, මිටිවලින් ඒක තළා, තමාගේ සවි හස්තයෙන් ඒක සාදයි. එසේය, ඔහුට බඩගිනිව ඔහුගේ ශක්තිය හීනවෙයි; ඔහු වතුර නොබී ක්ලාන්තවෙයි.
ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.