නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද?
එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා
ඈ මාගේ සහෝදරීයයි ඔහුම මට නොකීයේද? ඈ පවා: ඔහු මාගේ සහෝදරයායයි කීවාය; මාගේ සිතේ අවංකකමින්ද මාගේ අත්වල නිදොස්කමෙන්ද මේක කෙළෙමියි කීවේය.
දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි.
තමාගේ ගෙයි තමාගේ යහනේ ඉන්දදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්ට ඕනෑ නොවේද? එබැවින් මම ඔහුගේ ලේ නුඹලාගේ අතින් අයකර නුඹලා දැන් පොළොවෙන් පහනොකරන්නෙම්දැයි කීවේය.
දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: සෙනඟ ගණන්කරන්ට අණකළ තැනැත්තා මම නොවෙම්ද? පව්කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියාකළේ මමය; නුමුත් මේ බැටළුවෝ මක්කළෝද? අනේ මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පහරදීම පිණිස ඔබගේ අත ඔබගේ සෙනඟ පිටට නොව මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.