ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.
මිසරවරුන් නුඹ දුටු විට–මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත.
තවද අබිමෙලෙක්: නුඹ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ්‍රහම්ට කීය.
ඇරත් ඈ ඇත්තෙන්ම මාගේ සහෝදරීය, මාගේ පියාගේ දුවය; නුමුත් මාගේ මවුගේ දුව නොවේය; ඈ මාගේ භාර්යාව වූවාය.
දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.
ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.
තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.
නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි.
යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.
ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන්ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.
කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.
නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
ඔවුන්ගේ ඇස් හමුවෙහි දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නැත යනුයි.