දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.
දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.
දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක.
ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි, ඒවා මවනලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප්‍රවෘත්තිය මේය.
ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස් ලවා ඔබගේ ශුද්ධවූ සබත් දවස්ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාද පනත්ද ව්‍යවස්ථාවක්ද ඔවුන්ට නියමකළසේක.
සදවසක් නුඹේ වැඩ කරගන්න, එහෙත් නුඹේ ගවයාට සහ නුඹේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද නුඹේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.
නුඹ සදවසක් වැඩකොට සත්වෙනි දින නිවාඩු ගත යුතුය. හාන කාලයෙත් ගොයම් කපන කාලයෙත් ඒ දින නිවාඩු ගත යුතුය.
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
තවද මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක්ව තිබෙන්ට මාගේ සබත් ඔවුන්ට දුනිමි.
සදවසක් වැඩකරන්ට පුළුවන. එහෙත් සත්වෙනි දවසේ ගරුමය නිවාඩුවේ සබත්ය, ශුද්ධ සභා රැස්වීමක්ය; නුඹලා කිසිම වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල ස්වාමීන්වහන්සේට පැවැත්විය යුතු සබතක්ය.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය.
ඔව්හු හැරී ඇවිත් සුගන්ධ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම්කළෝය. ඔව්හු ආඥාව ලෙස සබත් දවසේ නිවාඩු ගත්තෝය.