එවිට වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: අපේ පියා මහලුය, මුළු පොළොවේ ව්‍යවහාරය ලෙස අප කරා පැමිණෙන්ට පොළොවෙහි පුරුෂයෙක් නැත්තේය.
සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය.
ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය.
සොදොම සහ ගොමොරාද සමභූමියෙහි මුළු දේශයද දෙස බැලුවේය, බලව, ඒ දේශයේ ධූමය උදුනක ධූමය ලෙස නගිනවා ඔහු දුටුවේය.
මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.
ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.
ඒ කාලයේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන: අපි අපේම කෑම කන්නෙමුව, අපේම වස්ත්‍ර අඳින්නෙමුව. නුඹේ නම පමණක් අපට ලැබේවා; අපේ නින්දාව පහකරන්නැයි කියන්නෝය.
මක්නිසාද ඔවුන් ඉතා භයපත්වූ බැවින්, කිය යුතු දේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය.
සහෝදරයන් එකට වාසයකරන අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් පුත්‍රයෙකු නැතුව මළොත් මළ අයගේ භාර්යාව අන්‍යවූ පිට කෙනෙකුට සරණ නොවිය යුතුය. ඇගේ පුරුෂයාගේ සහෝදරයා ඈ වෙතට පැමිණ ඈ තමාට භාර්යාවකොට පාවාගෙන පුරුෂයාගේ සහෝදරයෙකුගේ යුතුකම ඈට කෙරේවා.