දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛවන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය;
තේරාගේ පරම්පරාව මේය. තේරාට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය; හාරාන්ට දාව ලොත් උපන්නේය;
ආබ්‍රම් කානාන් දේශයෙහි වාසය කෙළේය, ලොත් සමභූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය.
ඒ මනුෂ්‍යයෝ එතැනින් නැගිට සොදොම බලා ගියෝය. ආබ්‍රහම් ඔවුන් ඇරලන පිණිස ඔවුන් සමඟ ගියේය.
ඒ මනුෂ්‍යයෝ එතැනින් හැරී සොදොම දෙසට ගියෝය. නුමුත් ආබ්‍රහම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිම නැවතී සිටියේය.
එහෙත් ඒ මනුෂ්‍යයෝ තමන්ගේ අත් දිගුකොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසුවෝය.
තවද ඔහු: බැලුව මැනවි, මාගේ ස්වාමිවරුනි, නුඹවහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට ඇවිත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගතමැනවි, අලුයම් වේලෙහි නැගිට නුඹවහන්සේලාගේ ගමන යත හැකියයි කීවේය. ඔව්හුද: නැත; මුළු රෑ වීථියේ නවතින්නෙමුයයි කීවෝය.
ආබ්‍රහම්ද ඒ දේශයේ සෙනඟට නැමී ආචාරකොට,
යෝසෙප් ඔවුන් ඔහුගේ දණහිස් අතරෙන් අහකට ගෙන තම මුහුණ බිමට නමා වැන්දේය.
මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල,
අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකෙළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;
නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.
ලොත්ගේ දවස්වලදීත් එසේම වූයේය; ඔව්හු කමින්, බොමින් මිලේට ගනිමින්, විකුණමින්, වවමින්, ගොඩනගමින් සිටියෝය;
ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.
බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! නුඹද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය.