එවිට ඔහු: බැලුව මැනව, ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි; සමහරවිට විසි දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද විසි දෙනා නිසා ඒක විනාශනොකර සිටින්නෙමියි කීසේක.
ආබ්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි.
ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවනසේක්වා, එවිට මම කථාකරන්නෙමි. සමහරවිට තිස් දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද: තිස්දෙනෙක් එහි මට සම්බවුණොත් ඒක නොකර සිටින්නෙමියි කීසේක.
ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවන සේක්වා, එවිට මම මේ වර පමණක් කථාකරන්නෙමි. සමහරවිට දස දෙනෙක් එහි සම්බවන්නෝයයි කීය. උන්වහන්සේද: දස දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නෙමියි කීසේක.
මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද?
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
නුඹලාට කියමි–ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක.
තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:
සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න.
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.