ආබ්‍රහම් චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල අවුරුදු අනූනවයක් වයස්ව සිටියේය.
මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය.
ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.
නුඹලා නුඹලාගේ චර්මාග්‍ර මාංසයෙහි ඡේද්‍යකරනු ලබන්නහුය; ඒක මා සහ නුඹලා අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය.
එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
ආබ්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය; ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබුණේය.
ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස්ව සිටියේය.
ඔහු අචර්මඡේදිතව සිටියදී තමාට තිබුණාවූ ඇදහිල්ලේ ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් කොට චර්මඡේද්‍යය නම් ලකුණ ලැබුවේය. මෙසේ වුණේ අචර්මඡේදිතව සිටිය නුමුත් ධර්මිෂ්ඨකම සඳහා ගණන්ගැනීම පිණිස අදහන්නාවූ සියල්ලන්ගේ පියා වන පිණිසත්, චර්මඡේදිතයෝව පමණක් නොව,