දෙවියන්වහන්සේද: සැබවින්ම නුඹේ භාර්යාවවූ සාරා නුඹට පුත්‍රයෙකු බිහිකරන්නීය; නුඹ ඔහුට ඊසාක් යන නම තබන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි.
ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, නුඹ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ නුඹේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබන්න.
මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක.
ආබ්‍රහම්: අහෝ; ඉෂ්මායෙල් ඔබවහන්සේ ඉදිරියෙහි ජීවත්වෙවයි දෙවියන්වහන්සේට කීය.
එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.
නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.
දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමඟ සිනාසෙනවා ඇතැයි සාරා කීවාය.
ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසය කරන්න, මේ දේශයෙහි විදේශීව සිටින්න,
මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;
දුන්න වලාකුළෙහි වන්නේය; දෙවියන්වහන්සේ හා පොළොව පිට සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන් අතරෙහි ඇත්තාවූ සදාකාල ගිවිසුම සිහිවන පිණිස මම දුන්න දෙස බලන්නෙමියි කීසේක.
සදාකල්ම ස්වකීය කරුණාව සිහිකරන අදහසින්, තමන් මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට පිහිටවූසේකැයි කීවාය.
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.