ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය.
ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය.
සාරයි ආබ්‍රම්ට කථාකොට: මට වූ අයුත්ත නුඹ කෙරෙහි වේවා. මාගේ දාසිය නුඹේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය.
එවිට වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: අපේ පියා මහලුය, මුළු පොළොවේ ව්‍යවහාරය ලෙස අප කරා පැමිණෙන්ට පොළොවෙහි පුරුෂයෙක් නැත්තේය.
මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ පුත්‍රයා ඊසාක්ට සරදම්කරනවා සාරා දුටුවාය.
තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය.
තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.
ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.
ඉතින්, සහෝදරයෙනි, නුඹලා උදෙසා මේ දේ උපමාවකින් අපොල්ලොස්ටත් මටත් අදාළකොට කීමි. එසේ කරන්නේ ලියා තිබෙන දේ ඉක්මවා නොයන්ට නුඹලා අපෙන් ඉගෙනගන්නා පිණිසත් නුඹලාගෙන් කවරෙක්වත් එක්කෙනෙකු උදෙසා අනිකෙකුට විරුද්ධව උඩඟු නොවන පිණිසත්ය.