හාගර් ආබ්‍රම් නිසා ඉෂ්මායෙල් බිහිකළ විට ආබ්‍රම්ගේ වයස අසූ සාවුරුද්දක් විය.
මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය.
භාගර් ආබ්‍රම් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රම් වනාහි හාගර් බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය.
ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය.
ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.
ඔහුගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල ඔහු අවුරුදු දහතුනක් වයස්ව සිටියේය.
ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස්ව සිටියේය.
ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප්‍රාණය හැර නැසී තම සෙනඟට එකතුවුණේය.