එබැවින් ඒ ළිඳට බෙයෙර්-ලහයි-රොයි යන නම තබනලද්දේය. බලව, එය කාදෙෂ් සහ බෙරෙද් අතරෙහි තිබේ.
තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.
භාගර් ආබ්‍රම් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රම් වනාහි හාගර් බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය.
දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.
එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.
ඊසාක් බෙයර්-ලහයි-රොයිට යන පාරෙන් ආයේය; මක්නිසාද ඔහු දකුණු දේශයෙහි විසුවේය.
තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ මරණින් පසු ඔහුගේ පුත්‍රවූ ඊසාක්ට ආශීර්වාද කළසේක; ඊසාක් බෙයර්-ලහයි-රොයි ළඟ වාසයකෙළේය.
මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.