ආබ්‍රම්ද: බැලුව මැනව, ඔබවහන්සේ මට කිසි දරුවෙකු නුදුන්සේක; මාගේ ගෙදර උපන් කෙනෙක් මාගේ උරුමක්කාරයායයි කීය.
මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.
නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.
ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය.
ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.
පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය.
තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය.
ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.
මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.
ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?