එකල ඔව්හු සොදොම සහ ගොමොරාහි සියලු සම්පත්ද ඔවුන්ගේ සියලු ආහාරද රැගෙන ගියෝය.
ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.
සිද්දීම් මිටියාවත වනාහි කීල් වළවලින් පිරී තිබුණේය; සොදොම සහ ගොමොරාහි රජවරු පලාගොස් එහි වැටුණෝය, ඉතිරි අය කන්දට පලාගියෝය.
ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ සහෝදරයාගේ පුත්වූ ලොත් සහ ඔහුගේ සම්පත්ද රැගෙන ගියෝය.
ඔහු තම සහෝදරවූ ලොත් සහ ඔහුගේ සම්පත්ද ස්ත්‍රීන්ද සෙනඟද ආපසු ගෙනායේය.
සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට:
නුඹේ ගොනා නුඹේ ඇස් ඉදිරියෙහි මරනු ලබන නුමුත් නුඹ එයින් නොකන්නෙහිය. නුඹේ කොටළුවා නුඹ ඉදිරියෙන් බලහත්කාරයෙන් ගනු ලබන්නේය, නැවත ඌ නුඹට නොලැබෙන්නේය. නුඹේ බැටළුවෝ නුඹේ සතුරන්ට දෙනු ලබන්නෝය, නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.
නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට පහරදෙනසේක.
නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.