ආබ්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය.
ඔහු ඈ නිසා ආබ්‍රම්ට යහපත කෙළේය. බැටළුවෝද ගවයෝද කොටළුවෝද දාසයෝද දාසියෝද කොටළුදෙන්නුද ඔටුවෝද ඔහුට ලැබුණාහ.
ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය.
ආබ්‍රහම් මහලුව වයෝවෘද්ධව සිටියේය. ස්වාමීන්වහන්සේ සියල්ලෙහි ආබ්‍රහම්ට ආශීර්වාදකර තිබුණේය.
ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට බොහෝසෙයින් ආශීර්වාදකළසේක; ඔහු උත්තමයෙක් වී සිටියි. උන්වහන්සේ ඔහුට එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද රිදී සහ රත්රන්ද දාසයන් සහ දාසීන්ද ඔටුවන් සහ කොටළුවන්ද දී තිබේ.
ඔහුට එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යාකළෝය.
ඒ මනුෂ්‍යයා අතිශයින් වර්ධනයවුණේය, ඔහුට රැළවල්ද දාසීහුද දාසයෝද ඔටුවෝද කොටළුවෝද වූවෝය.
ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.
ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.
ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක.