එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්සසේක.
මම දැන් බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි, නැතහොත් දැනගන්නෙමියි කීසේක.
ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩ සිටිනසේක, ස්වාමීන්ගේ සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක.
මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.
ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
ස්වාමීන්වහන්සේ සීනයි කඳු මුදුනට බැස අවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවූසේක; මෝසෙස්ද නැගී ගියේය.
එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.
ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.
උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.