තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන්කරන අතර ෂිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බවී එහි වාසය කළෝය.
ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.
මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය.
ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.
එවිට ලොත් යොර්දානේ මුළු සමභූමිය තෝරාගෙන නැගෙනහිර දිසාවට ගමන්කෙළේය. මෙසේ ඔව්හු තම තමන් කෙරෙන් වෙන්වූවෝය.
ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ගේද එල්ලාසාර්හි රජවූ අරියොක්ගේද ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ගේද ජාතීන්ගේ රජවූ තිදාල්ගේද දවස්වලදී,
තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.
ස්වාමීන්වහන්සේද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.
ෂීනාර් දේශයේ ඈට ගෙයක් ගොඩනගන්ටය. ඒක පිහිටෙවු කල්හි ඈ එහි ඇගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය.