Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 10:7

Sinhala Revised Old Version

කූෂ්ගේ පුත්‍රයෝ නම්: සෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකාය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

කූෂ්ට දාව නිම්රොද් උපන්නේය. ඔහු පොළොවෙහි බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය.

පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය;

ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය.

කූෂ්ගේ පුත්‍රයෝනම්: සෙබා, හවීලා, සබ්තා, රායමා සහ සබ්තෙකාය. රායමාගේ පුත්‍රයෝනම්: ෂෙබා සහ දෙදාන්ය.

ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.

තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.

අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පඳුරු අතරේ නුඹලා නවාතැන් ගන්නවා ඇත.

මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.

දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය. බොහෝ ද්වීපයෝ නුඹ යටතේ වෙළඳාම්කළෝය; ඔව්හු ඇතුන්ගේ දළ සහ කළුවර ලී හුවමාරුවට නුඹ කරා ගෙනාවෝය.

පොරොන්දු පිණිස අගේ ඇති ඇතිරිලි ගැන දෙදාන් නුඹේ වෙළෙන්දාව සිටියාය.

ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්