Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 10:1

Sinhala Revised Old Version

ෂෙම්ද හාම්ද යඵෙත්ද යන නෝවාගේ පුත්‍රයන්ගේ පරම්පරාමේය. ජලගැලීමට පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

යඵෙත්ගේ පුත්‍රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය.

ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි, ඒවා මවනලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප්‍රවෘත්තිය මේය.

ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක;

නෝවාට අවුරුදු පන්සියයක් වයස්වූ කල ඔහුට දාව ෂෙම්ද හාම්ද යඵෙත්ද උපන්නෝය.

නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.

තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න;

මේ තුන්දෙනා නෝවාගේ පුත්‍රයෝය. මොවුන්ගෙන් මුළු පොළොව ගහනව ගියේය.

නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; ඔහු මළේය.

නුඹලා වනාහි සඵලවෙමින් බෝවෙන්න; පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්නැයි ඔවුන්ට කීසේක.

ආදම්, සෙත්, ඒනොෂ්; කේනාන්, මහලලෙල්, යරෙද්;

නෝවා, ෂෙම්, හාම් සහ යඵෙත්ය.

ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිත්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරම්පරාවේ පොතය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්