Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 1:20

Sinhala Revised Old Version

දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝකොට හටගන්වාවා, පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසරකෙරෙත්වායි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

17 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා,

සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසක්ය.

තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.

දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: නුඹලා සඵලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වයි කීසේක.

පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.

දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය.

ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.

පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය.

නුඹ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස නුඹ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක.

ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.

ස්වාමීන්වහන්සේගේ අත මෙය කළ බව මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද?

තිරිසනුන් හා සියලු සිව්පාවෙනි, උරගුන් හා පියාඹන පක්ෂීනි,

මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූණාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ.

බඩගා යන්නාවූද සතර පයින් යන්නාවූද නොහොත් බොහෝ පා ඇත්තාවූ එනම් පොළොව පිට බඩගායන්නාවූද සියලු සතුන් නොකෑ යුතුය; මක්නිසාද උන් පිළිකුල්ය.

බඩගායන කොයි සතෙකුගෙන්වත් පිළිකුල් නොවන්න, උන්ගෙන් පිළිකුල්වන ලෙස උන් කරණකොටගෙන අපවිත්‍රනොවන්න.

උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්