Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ආමොස් 7:10

Sinhala Revised Old Version

එකල බෙතෙල්හි පූජකවූ අමශියා ඉශ්‍රායෙල්හි රජවූ යෙරොබොවම්ට කියා යවනුයේ: ආමොස් ඔබට විරුද්ධව ඉශ්‍රායෙල් වංශය අතරෙහි කුමන්ත්‍රණයකර තිබේ. ඔහුගේ සියලු වචන දරන්ට දේශයට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

23 හුවමාරු යොමු  

එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය.

මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.

තවද ආහබ් එලියා දුටු විට ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් කලඹන තැනැත්තේ නුඹදැයි ඔහුට කීවේය.

එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.

තවද ඔව්හු ඒ සියලු වචන අසා, භයින් යුක්තව, එකිනෙකා දෙසට හැරී: අපි මේ සියලු වචන සැබවින් රජුට දන්වන්නෙමුයයි බාරුක්ට කීවෝය.

අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.

තෙකෝවාහි එඬේරුන් අතරේ සිටි ආමොස් යූදාහි රජවූ උස්සියාගේ දවස්වලද යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලද පොළෝකම්පාවට දෑවුරුද්දකට පළමුවෙන් ඉශ්‍රායෙල් ගැන දුටු කාරණය.

මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල්ගේ වරද නිසා ඔවුන්ට දඬුවම්කරන දවසේදී බෙතෙල්හි පූජාසනවලටත් දඬුවම් කරන්නෙමි, පූජාසනයේ අංද කපාදමනු ලැබ බිමට වැටෙන්නේය.

දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති.

මා සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත.

මක්නිසාද–යෙරොබොවම් කඩුවෙන් මැරෙන්නේය, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ රටෙන් වහල්කමට යනවාම ඇත කියා ආමොස් කීවේයයි කීය.

උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.

ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය.

මක්නිසාද මේ මනුෂ්‍යයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියයන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව,

මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය.

ඔව්හු ඒ දේ ඇසූ විට, අනිනලද සිත් ඇතුව, ඔහුට විරුද්ධව දත්මිටිකෑවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්