යම් ගෙයක මනුෂ්‍යයන් දස දෙනෙක් ඉතිරිවුණත් ඔවුන් මැරෙනවා ඇත.
තමාගේ වස්තුවේ ඓශ්චර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.
නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.
තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය.
ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.
ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.
ඔහුගේ පුත්‍රයන් නැගිට, දේශය හිමිකරගෙන, පොළෝතලය නුවරවලින් නොපුරවන පිණිස, ඔවුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසා ඔවුන් මරන්ට සෑදී සිටින්න.
මක්නිසාද වීථිවලින් ළමයින්ද එළිමහන්වලින් යෞවනයන්ද සිඳදමන පිණිස මරණය අපේ කවුළුවලින් නැගී ඇවිත් අපේ මාළිගාවලට වැදුණේය.
මක්නිසාද: යම් නුවරකින් දහසක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් සිය දෙනෙක්ද, යම් නුවරකින් සියයක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් දසදෙනෙක්ද ඉශ්‍රායෙල් වංශයට ඉතුරුවන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන නුඹට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ නුඹේ ඇස් ක්ෂයවී යන්ටත් නුඹේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. නුඹේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත.