නුඹේ ගීතිකා ඝෝෂාව මා වෙතින් අහක්කරගන්න; නුඹේ වීණා නාදයත් නාසන්නෙමි.
නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.
නුමුත් යුක්තිය ජලය මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන්ද ගලායාවා.
වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ, දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවාගන්නාවූ,
නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මාළිගාවේ ගීතිකා ඒ දවසේදී දුකෙන් කෑගැසීම් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. බොහෝ මළකඳන් තිබෙනවා ඇත; ඔවුන් සෑම තැනම ඒවා නිශ්ශබ්දලෙස පිටත දමනවා ඇතැයි මට කීසේක.