ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ: නුඹලාව කොකුවලින්ද නුඹලාගෙන් පැවත එන්නන් බිලිකටුවලින්ද අහකට ගෙනයන දවස් නුඹලා පිටට පැමිණෙන්නේය.
මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි; දාවිත්ට බොරු නොකියන්නෙමි;
ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.
මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාර වචන මාගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවායවන්නෙමි යනුයි.
බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.
මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවල මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල වැදී ඉන්දැද්දී නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන් ඇතුළුව නුඹව නුඹේ ගංගාවල් ඇතුළෙන් ගොඩට අදින්නෙමි.
මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි.
මම නුඹ පස්සට හරවා, නුඹේ හකුවල කොකු දමා, නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනයන්නෙමි; ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගන, පලිස්ද කුඩා පලිස්ද ඇති මහත් සමූහයක්ව, සියල්ලෝම කඩු පාවිච්චි කරන්නෝව සිටිති.
ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන් ගැනම දිවුරමින් සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක, මම යාකොබ්ගේ තේජසට පිළිකුල්කොට, ඔහුගේ මාළිගාවලට ද්වේෂකරමි. එබැවින් මම නුවර සහ එහි සියල්ලද පාවාදෙන්නෙමි.
ඔවුන්ගේ සියලු ක්‍රියාවල් කවදාවත් මතකනැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ තේජස ගැන දිවුරා තිබේ.