ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෝවබ්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු ඒදොම් රජුගේ ඇට දවා හුනු සෑදුවේය.
මෙසේ ඉශ්‍රායෙල්හි රජද යූදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය.
ස්වාමීන්වහන්සේගේ ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.
ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.
ඉතා උඩඟුවූ මෝවබ්ගේ උඩඟුකමද ඔහුගේ උදාරම්කමද ඔහුගේ ආඩම්බරයද ඔහුගේ උදහසද ගැන ඇසීමුව, ඔහුගේ පාරට්ටුකිරීම් හිස්ය.
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක්මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය.
ඒදොම් සහ මෝවබ්ටත් අම්මොන් පුත්‍රයන්ටත්,
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු කඩුව ඇතුව තමාගේ සහෝදරයා පස්සේ එළවාගනගොස්, තමාගේ අනුකම්පාව සහමුලින්ම පහකොට, තමාගේ උදහසින් නිතරම ඉරාදමා, තමාගේ කෝපය සෑමකල්හිම තබාගත්තේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අම්මොන් පුත්‍රයන්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා ඔවුන්ගේ දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු තමුන්ගේ සීමාව විශාලකරගන්න පිණිස ගිලියද්හි ගර්භිණීන් ඉරාදැම්මෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දමස්කයේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහනොකරන්නෙමි; මක්නිසාද මඩින යකඩ යන්ත්‍රවලින් ඔවුන් විසින් ගිලියද් දේශය මඩිනලද්දේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගාසාහි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ඒදොම්ට පාවාදෙන පිණිස මුළු සෙනඟ වහල්කමට ගෙනගියෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යූදාගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකොට, උන්වහන්සේගේ පනත් නොපවත්වා, ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.
මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.