මෙලෙස මෙපිබොෂෙත් යෙරුසලමේ විසීය. මක්නිසාද ඔහු රජුගේ මේසයේ නිතරම කෑම කෑවේය; ඔහුගේ දෙපයම කොරව තිබුණේය.
ඔහු මාගේ ස්වාමිවූ රජුට ඔබගේ මෙහෙකරුවා ගැන කේලාම් කීවේය. එහෙත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ය. ඔබගේ ඇස් හමුවෙහි හොඳව තිබෙන දේ කළමැනවි.
සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ට පාද කොරවූ පුත්‍රයෙක් සිටියේය. යෙස්‍රෙයෙල්හි සිටි සාවුල් සහ යොනාතාන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙක් ව සිටියේය, ඔහුගේ කිරි මවු ඔහු වඩාගෙන පලාගියාය. ඈ ඉක්මන්කර පලා යන අතර ඔහු වැටී කොරවුණේය. ඔහුගේ නම මෙඵිබොෂෙත්ය.
මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් විය. ශීබාගේ ගෙයිවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයෝව සිටියෝය.
රජද: සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන්වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමියි කීවේය. ශීබාද: යොනාතාන්ගේ පුත්‍රයෙක් තවම සිටියි, ඔහු පාදකොරවූ කෙනෙක්යයි රජුට කීවේය.
දාවිත් කථාකොට: භයනොවෙන්න. සැබෑවටම නුඹේ පියවූ යොනාතාන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි; නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය.
ඔහුගේ හිර ඇඳුම්ද මාරුකෙළේය. තවද ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී නිතරම රජු ඉදිරියෙහි කෑම කෑවේ ය.