Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 8:9

Sinhala Revised Old Version

දාවිත් හදද්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයි අසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය.

මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් වන හාමත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවාවූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තූහ.

දාවිත් ශෝබාහි රජවූ හදර්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයු අසා,

ඔහු කාන්තාරයෙහි තද්මොර්ද හමාත්හි ගොඩනැගූ ගබඩා-නුවරවල් සියල්ලද ගොඩනැගුවේය.

කල්නේට ගමන්කර ගොස් බලන්න; එතැනින් මහ හමාත්ට යන්න. පිලිස්තිවරුන්ගේ ගාත්ටද යන්න. ඒවා මේ රාජ්‍යවලට වඩා හොඳද? නොහොත් නුඹලාගේ සීමාවට වඩා ඔවුන්ගේ සීමාව විශාලද?

හෝර් කන්දෙන් හමාත්ට ඇතුල්වන තැන දක්වා ලකුණුකරන්න; සීමාව ශෙදාද්ට පැමිණ,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්