ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය.
ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.
දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.
ආහබ් මැරුණු පසු මෝවබ්වරු ඉශ්‍රායෙල්ට විරුද්ධව කැරළිගැසුවෝය.
අෂූර්හි රජවූ ෂල්මනෙසේර් ඔහුට විරුද්ධව ආයේය; හෝෂෙයා ඔහුට මෙහෙකරුවී කප්පන් දුන්නේය.
ඔහු මෝවබ්වරුන්ටත් පහරදුන්නේය; මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ වී කප්පන් ගෙනාවෝය.
අම්මොනිවරුත් උස්සියාට තෑගි දුන්නෝය. ඔහු ඉතාම බලවත්වූ බැවින් ඔහුගේ නාමය මිසරයේ සීමාව දක්වා පතළව ගියේය.
මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි.
විදේශීහු මලානිකව, තමන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.
දෙවියන්වහන්ස, අප ඉවත හළේ ඔබ නොවේද? ඇරත්, දෙවියන්වහන්ස, ඔබ අපේ සේනාවන් සමඟ නොයනසේක.
මෝවබ් මාගේ සෝදන භාජනයය; ඒදොම් පිට මාගේ වහන් හෙළන්නෙමි. එම්බා පිලිස්තියාව, මා නිසා ඝෝෂා පවත්වව.
ඔව්හු වනාහි ඒදොමේ කූඩාරම් වැසියන් සහ ඉෂ්මායෙලිතයෝය; මෝවබ් සමඟ හගරීනයෝය;
හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද අෂූර්හි රජ මෙසේ කියන්නේය–මා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න.
මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.
නුමුත් සමහර දුර්ජනයෝ කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.
මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.
දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස් මෝවබ් රජුට කථාකොට: දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැනගන්නතුරු මාගේ මවුපියන් අවුත් නුඹලා වෙත සිටින්ට අවසර ලැබේවයි කීවේය.
ඔහු මෝවබ් රජු ඉදිරියට ඔවුන් කැඳවාගන ගියේය. ඔව්හුද දාවිත් කොටුවෙහි සිටි කාලය මුළුල්ලේම රජු වෙත වාසයකළෝය.