නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද?
තවද එම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ:
කැපූ ගල්වලින් ගෘහයේ අත්තිවාරම තබන පිණිස රජුගේ ආඥාව පිට මහත්වූද අනර්ඝවූද ගල් ගෙනාවෝය.
නුඹ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, නුඹ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, නුඹේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය නුඹට ඉෂ්ටකරන්නෙමි.
නුඹ ගොස් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියව–මාගේ වාසය පිණිස නුඹ ගෘහයක් ගොඩනොනගන්නෙහිය.
නුමුත් දෙවියන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනගන්නෙහිය, මක්නිසාද නුඹ යුද්ධකාර මනුෂ්‍යයෙක, ලේ වැගිරෙවුවෙහියයි කීසේක.
සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?