එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.
ස්වාමීන්වහන්සේ උස්සාට පහරදුන් බැවින් දාවිත් ඛෙදයට පත්වී ඒ ස්ථානයට පෙරෙශ්-උස්සා යන නම තැබුවේය,
එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය, ඔහු ගිවිසුම් පෙට්ටියට තමාගේ අත දිගුකළ බැවින් උන්වහන්සේ ඔහුට පහරදුන්සේක. ඔහු එහිදී දෙවියන්වහන්සේ ඉදිරියෙහි මළේය.
පළමු වතාවේදී ඒක ගෙනා අය නුඹලා නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.
එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.
මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය.
කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.
ඊට දස දවසකට පමණ පසු ස්වාමීන්වහන්සේ නාබල්ට පහරදුන්සේක, ඔහු මළේය.
බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.