2 සාමුවෙල් 6:5Sinhala Revised Old Versionදාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ. පරිච්ඡේදය බලන්න |
ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.