ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හෙලෙහි තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් අලුත් ගැළක තබා ගෙනාවෝය. අබිනාදාබ්ගේ පුත්‍රයෝවූ උස්සාද අහියෝද අලුත් ගැළ දැක්කුවෝය.
පළමු වතාවේදී ඒක ගෙනා අය නුඹලා නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.
බලව, එප්‍රාතාහිදී එපවත් ඇසීමුව. වන පෙදෙසේහි එය අපට සම්බවුණේය.
ඉතින් දැන් අලුත් ගැළක් සාදාගන, වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු රැගෙන ගැළට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් අරන් ගෙයි නවත්වා,
කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.