ඔහු හෙබ්‍රොන්හි යූදාවරුන් කෙරෙහි රජකම්කළේ සත් අවුරුදු හමාසයක්ය, යෙරුසලමේ ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි රජකම්කළේ තිස්තුන් අවුරුද්දක්ය.
මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි.
දාවිත් හෙබ්‍රොන්හි යූදා වංශයට රජව සිටි කාලය සත් අවුරුදු හමාසයක්ය.
තවද යූදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යූදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.
දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය සතළිස් අවුරුද්දක්ය. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම් කෙළේය.
මෙලෙස ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙතට පැමිණියාහ; දාවිත්ද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය; ඔව්හු ස්වාමීන්වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට ආලේපකළෝය.
ඔහු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය නම් සතළිස් අවුරුද්දකි; ඔහු හෙබ්‍රොන්හි හත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කළේය.
හදෙනෙක් හෙබ්‍රොන්හිදී ඔහුට උපන්නෝය; එහි ඔහු සත් අවුරුදු හමාසයක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කෙළේය.