Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 3:6

Sinhala Revised Old Version

සාවුල්ගේ වංශයද දාවිත්ගේ වංශයද අතරේ යුද්ධය පැවතෙද්දී අබ්නේර් සාවුල්ගේ වංශය උදෙසා බලවත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

තවද සාවුල්ගේ වංශයත් දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධය පැවතුණේය. දාවිත් වනාහි වඩ වඩා බලවත්වේගන ගියේය, නුමුත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වේගන ගියේය.

සවෙනියා දාවිත්ගේ භාර්යාව වූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය. මොව්හු හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන්නෝය.

යේහුද රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ්ද බාල්ගේ ගෘහයට ගොස්: බාල් අදහන සියල්ලන් මිස මෙහි නුඹලා සමඟ ස්වාමීන්වහන්සේගේ සේවකයන් කිසිවෙකු නොසිටින ලෙස සොයා බලන්නැයි බාල් අදහන්නන්ට කීවේය.

නුමුත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත්වී සටනට බලවත් වෙන්න; දෙවියන්වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළාදමනසේක; මක්නිසාද උපකාරකරන්ටත් හෙළාදමන්ටත් දෙවියන්වහන්සේට බලය ඇත්තේයයි කීවේය.

ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.

මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි.

සාවුල්ගේ භාර්යාවගේ නම අහීනොවම්ය, ඈ අහීමයශ්ගේ දුවය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර්ය, ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්